සමගිය දෙදරා යයි..රනිල්ට කොළ එළියක්..

Report

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු (25) එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරනවා.

එම පිරිස අතරින් එකොළොස් දෙනෙකු ඊයේ රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

රට මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක් සහිත නායකයෙකු අවශ්‍ය බව ද එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇතැයි ද ඔහු අවධාරණය කළා.