රනිල්ව PTA යටතේ අත්අඩංගුවට ගනීද?

Report

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විමසන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට නොගන්නේ ඇයිද යන්නයි.

පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසන පරිදි, බටලන්ද වධකාගාරයේ වධදීම්වලට රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බවට තම පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා ඇසින් දුටු බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.

ස්ටිකරයක් ඇලවීම නිසා තරුණයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේ නම්, පැමිණිල්ලක් ලැබී ඇති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි දුමින්ද නාගමුව ප්‍රශ්න කරයි.

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?