රනිල්ගේ නම රජයේ මුද්‍රණාලයට

UNP gazette ranil wickramasimghe national list parliament
By Sewvandhi Jun 18, 2021 12:04 PM GMT
Report

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නම් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.අද දහවල් මැතිවරණ කොමිසම රැස්වීමෙන් අනතුරුවයි ඔහුගේ නම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබුණේ.

එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති මන්ත්‍රි ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නම් කළ යුතු බවට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා තීරණය කළා.

ඒ අනුව අදාළ නම පසුගිය බදාදා (16) පෙරවරුවේ මැතිවරණ කොමිසම් සභාව වෙත භාරදෙනු ලැබුවේ පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර විසින්.

මෙරට 16 වන පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් 225ක් තෝරා ගැනීම සඳහා 2020 අගෝස්තු 5 වන දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආසනයක් දිනා ගැනීමට හැකි වූයේ නැහැ.

එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ බරපතලම පරාජයට මුහුණ දුන් ඔවුන් හට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි. කෙසේ වෙතත් එම මන්ත්‍රී ධූරයත් මෙතෙක් පැවතියේ පුරප්පාඩුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery