බස් රථයක් තුළදී මගියෙකුට අමානුෂික ලෙස පහර දී බස් රථයෙන් ඇද දමයි..(VIDEO)
By Sewvandhi
රත්නපුර, රක්වාන ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ කොන්දොස්තරවරයෙක් හා එහි ගමන්ගත් මගියෙක් අතර බහින්බස් වීමක් සිදුවී තිබේ. අදාළ මගියා විසින් අඩු මුදලක් ලබාදී යම් ස්ථානයක් වෙත යෑමට අවශ්‍ය බව දැන්වීමේ දී එවැනි මුදලකට ගෙන යෑමට නොහැකි බව පැවසීමේ දී මෙම තත්ත්වය ඇති වූ බවය.
පසුව බසය තුළ දී මගියාට පහර දී පැල්මඩුල්ල, ගනේගම දී බස් රථයෙන් එළියට ඇද දමන ආකාරය එහි සිටි මගියෙකුගේ දුරකථනයේ මෙලෙස සටහන්ව තිබුණි.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |