රාජිතගේ විදෙස් ගමන් තහනම ඉවතට.
කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
රාජිත සේනාරත්න මහතා පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර තිබෙනවා.
මෙම නඩුව අද (14) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවන ලදී.
එහිදී රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන නියෝගයක් නිකුත් කරන ලෙසටය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම ඉල්ලීමට විරුද්ධ නොවූයේය.
විනිසුරුවරයා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ, අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ආගමන හා විගමන බලධාරීන්ට දැනුම් දෙන ලෙසයි.
