වාන් දොරටු දෙක බැගින් විවෘත කරලා.. මෙන්න මේ ප්‍රදේශවල ජනතාව අවදානයෙන් ඉන්න..

Weather Latest Headlines Decision Making
By krishani Nov 20, 2024 03:35 PM GMT
krishani

krishani

Report

අද (20) රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශවල වාන් දොරටු දෙක බැගින් යළිත් විවෘත කර තිබෙනවා.

ඒ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ය 

ඒ අනුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම වාන් දොරටු දෙක බැගින් අඩියක් උසට විවෘත කර ඇත.

හෙට හවස 4.00 වෙනකම්.. දිස්ත්‍රික්ක 05කට විශේෂ දැනුම්දීමක් මෙන්න..

හෙට හවස 4.00 වෙනකම්.. දිස්ත්‍රික්ක 05කට විශේෂ දැනුම්දීමක් මෙන්න..

ඉන් තත්ත්පරයට ඝන අඩි 620ක් කලා ඔයට මුදා හැරෙනවා.

එමෙන්ම, අංගමුව ජලාශයෙන් මුදාහැරෙන ජලය ලුණු ඔයට මුදා හැරෙයි.

ඒ බව ජලාශ භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් කලාඔය ආශ්‍රිතව සහ ලුණුඔය ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාව අවධානයෙන් සිටින ලෙසට දැනුම් දී ඇත. 

You may like this


ReeCha