කෝටි දහයක් පාඩු කරවන රාජගිරියේ තදබදය
රාජගිරිය අධික මාර්ග තදබදය හේතුවෙන් වසරකට රුපියල් කෝටි දහයක පමණ පාඩුවක් සිදුවන බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේය.
මෙම පාඩුව කාර්යාල සේවක සේවිකාවන් දහස් සංඛ්‍යාත පිරිසකගේ වැඩ පැය අහිමිවීම වගේම ඉන්ධන නාස්ති වීම යන හේතූන් නිසා මෙම නාස්තිය සිදුවන බව සදහන් වේ.
රාජගිරියේ මාර්ග තදබදය උදය වරුවේ ඉතා දැඩි ලෙස පවතින අතර ජනතාව පවසන්නේ කාලයක් තිස්සේ පවතින මෙම මාර්ග තදබදය සදහා විසදුම් දෙන්නට නිළධාරීන් අපොහොසත් ව ඇති බවයි.
ආරංචි මාර්ග සදහන් කරන්නේ නාවල ඇතුළු ප්‍රවේශ මාර්ගවලින් උදය වරුවේ රාජගිරියට ඇතුළුවීමට උත්සාහ දරන කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු දහස් ගණනකට මෙම තදබදය හේතුවෙන් පැය ගණන් රස්තියාදු වීමට සිදුව ඇති බවයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා විශේෂ අවධානය යොමු කර කඩිනම් විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව දෑස් දල්වා බලා සිටියි.