අධික වර්ශාව නිසා අද සිදු වූ දේ.. අවදානම තවදුරටත්..

By Sithumi Oct 24, 2022 02:59 PM GMT
Sithumi

Sithumi

Report

අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ. 

  කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වීම හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය දැනුම් දී තිබේ.  

එමෙන්ම මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු 03ක් අද පෙරවරුවේ විවෘත කර ඇත. කාසල්රි සහ විමලසුරේන්ද්‍ර යන ජලාශ ද වාන් දමමින් පවතින බව වාර්තා විය.