දුම්රිය රියදුරන්ගෙන් තීරණයක්
මහව සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කන්කසන්තුරේට ධාවනය කරන භාණ්ඩ හා තෙල් ප්‍රවාහන දුම්රියන් අද (23) රාත්‍රී සිට ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේ, මීට අමතරව හෙට දිනයේදී රාත්‍රී කාලයේ ධාවනය වන තැපැල් දුම්රියද ධාවනයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන බවය.
සංගමය සඳහන් කළේ, වර්තමානයේ දුම්රියේ අලි ගැටීම නිසා මහව සිට ත්‍රිකුණාමලයට, මහව සිට මඩකලපුවට සහ මහව සිට කන්කසන්තුරේට ධාවන දුම්රියට විශාල බාධාවක් ඇතිවී ඇති බවය.
"දුම්රිය රියදුරන් ලෙස මේක පාලනය කරන්න අපට බැහැ. ක්ෂණිකව දුම්රිය නතර කර ගැනීමේ හැකියාවක් නැති නිසා, මේකට වගකීමක් දෙන්න බැහැ"
යනුවෙන් චන්දන වියන්දූව පැවසීය.
ඔහු තවදුරටත් පැවසුවේ,
"වනසතුන් දුම්රියේ ගැටීමේ හේතුව නිසා ඉදිරියේදී මෙම කලාප හරහා දුම්රිය ධාවනය කිරීම සිදුකර නොහැකි තත්ත්වයකට පත්ව ඇත. දුම්රිය මගීන්ට ඒ නිසා වේලාවට ගමන් කිරීමට නොහැකි වන අතර, මෙම ගැටලුව පිළිබඳව වසර ගණනාවක් තිස්සේ රජය හා දෙපාර්තමේන්තුව දැනුවත් කළා. රියදුරන්ට මෙයට වගකියන්න බැහැ; සාධනීය පාලන ක්‍රමයක් දැක්විය නොහැකිව ඇත."
යනුවෙනි.