සියලුම දුම්රිය මගීන්ට මෙන්න සතුටුදායක ආරංචියක්..අලුතෙන්ම හදුන්වා දුන් විශේෂ දේ.
නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ඊයේ (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, මෙම නව E-Ticket පත QR කේතයක් සමඟ හඳුන්වාදී ඇති බවයි පැවසෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ https://pravesha.lk/en වෙබ් අඩවිය හරහා පහසුවෙන් මෙම E-Ticket පත මිල දී ගැනීමේ හැකියාව පවතී.
වැඩිදුරටත් සඳහන් වෙන්නේ, අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email වෙත අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ඇති අතර එම ලැබෙන ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී එහි සිටින පරීක්ෂකවරයාට පෙන්වීමේ හැකියාව පවතින බවයි.