ඇමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙසෙත් විසින් එරට හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩ් ජෝර්ජ්ට එම තනතුරෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇත.
හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩ් ජෝර්ජ් වහාම ක්‍රියාත්මක වන පරිදි 41 වන හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරෙන් විශ්‍රාම යන බව පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පානෙල් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.
ඒ වගේම සාමාන්‍යයෙන් ඇමෙරිකානු යුද හමුදා ප්‍රධානියෙකු වසර හතරක ධුර කාලයක් සේවය කරන අතර හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් 2023 වසරේදී ඔහුව මෙම ධුරය සඳහා නම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන ඔහු පළමු ගල්ෆ් යුද්ධයේදී මෙන්ම ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ මෑතකාලීන ගැටුම්වලදී පාබල හමුදා නිලධාරියෙකු ලෙස සුවිශේෂී සේවයක් ඉටු කළ අයෙකු ලෙස සදහන් වේ.
මේ අතර රැන්ඩි ජෝර්ජ් වෙනුවට හමුදා උප මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිස්ටෝපර් ලැනීව්, ඇමරිකානු හමුදා වැඩබලන මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කරනු ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනු ලබයි.
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉරානයට එරෙහිව මෙහෙයුම් සිදු කරමින් පවතින අවස්ථාවක රැන්ඩ් ජෝර්ජ්ර්ජ්ට එම තනතුරින් ඉවත් වීමට දැනුම්දීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දක්වා නැත