ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප් අනතුරු අගවයි

Report

ඇමරිකානු හමුදාව විසින් තවමත් ඉරානයේ සෙසු දෑ විනාශ කිරීමට ආරම්භ කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබේ.

 තම සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් ‍කර  ඇත්තේ    ඉරානයේ පාලම් විනාශ කිරීමෙන් අනතුරුව විදුලි බලාගාර විනාශ කරන බවයි.

 කුමක් කළ යුතුදැයි නව රෙජිමය දැනුවත්ව සිටින බවත් එය කඩිනමින් සිදු කළ යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත ඩොනල්ඩ් ට්‍රම්ප් තැබූ සමාජ මාධ්‍යය සටහනෙහි දැක්වෙන්නේ අමෙරිකානු හමුදාව මේ දක්වා ලොව සිටින ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම හමුදාව බවයි.

ඇමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග

ඇමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග

 ඒ වගේම ටෙහෙරානය සහ කරජ් නගරය යා කරන පාලමක් ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

  ඉන් තවත් පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් වේ.  

යල කන්නයේ පොහොර දෙන ආකාරය ගැන දැනුවත් කිරීමක්

යල කන්නයේ පොහොර දෙන ආකාරය ගැන දැනුවත් කිරීමක්