කිමිදුන් කරුවන්ට සුබ ආරංචියක් - රක්ෂණ යෝජනා ක්‍රමයක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කිමිදුම්කරුවන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
රජයේ ධීවර ප්‍රතිපත්තියෙහි යෝජනා ක්‍රියාවට නැංවීම යටතේ මෙම කිමිදුම්කරුවන් හට අදාළ රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවා තිබුණි.
මෙහිදී ධීවර කාර්මිකයා ධීවර කටයුතු ආශ්‍රිතව කිමිදුම් කටයුතු ආශ්‍රිතව කිමිදුම් කටයුත්තක නිරතව සිටියදී රක්ෂිතයාට සිදුවන මරණයකදී රුපියල් ලක්ෂ 12ක් ගෙවීම සිදුකරන අතර එහිදී ධීවර කාර්මිකයා වසරක රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සඳහා රුපියල් 1920/-ක වාරික මුදලක් ගෙවිය යුතුය .
මීට අමතරව රුපියල් ලක්ෂ 15ක රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු වාර්ෂික වාරික මුදල රුපියල් 2550/-ක් වන අතර රුපියල් ලක්ෂ 20ක වාර්ෂික රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සඳහා රුපියල් 3,600ක වාරිකයන් ගෙවිය යුතු බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනුයේ මීට අමතරව ධීවර කාර්මිකයා පූර්ණ අකර්මණ්‍යවීමකදී, තාවකාලික අකර්මණ්‍යතා වීමකදී සහ අතුරුදන්වීමකදී ද මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ගෙවීම සිදුකරන බවයි.