යුද උණුසුමෙන් කුවේට් ගිනි ගනී - ප්‍රධාන තෙල් පිරිපහදුවකට එල්ල වූ ප්‍රහාරය නිසා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක්
කුවේට් රජයට අයත් ප්‍රධානතම තෙල් පිරිපහදුවක් වන 'මිනා අල්-අහ්මදි' (Mina al-Ahmadi) පිරිපහදුවට අද (03) දින ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම රටේ නිල පුවත් ඒජන්සිය වන KUNA වාර්තා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව (Kuwait Petroleum Corporation) උපුටා දක්වමින් KUNA පුවත් සේවය සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය නිසා පිරිපහදුවේ මෙහෙයුම් ඒකක කිහිපයක ගිනි ගැනීම් හටගෙන තිබෙන බවයි.
එමෙන්ම අඳාළ ප්‍රහාරයෙන් අනතුරුව ඇති වූ ගින්න මැඩපැවැත්වීම සහ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් හදිසි සහන සේවා කණ්ඩායම් මේ වන විටත් දැඩි පරිශ්‍රමයක යෙදී සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
තවද කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව සිය 'X' ගිණුම ඔස්සේ මෙම සිදුවීම තහවුරු කර ඇති අතර, සිද්ධියෙන් සිදු වූ හානිය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැති බව ද සඳහන්.
KPC Press Release on this morning's malicious attack on Mina Al-Ahmadi Refinery. pic.twitter.com/PUtETo1NVf
— KPC | مؤسسة البترول الكويتية (@kpcofficialkw) April 3, 2026