නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට ගත් පිරිස 27000ට ලංවෙයි..

Police Ajithi Rohana Covid cases quarantine-violators-arrested
By Aruna Jun 09, 2021 03:14 AM GMT
Aruna

Aruna

Report

 නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු ගතවු පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 26,920 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඉන්26,000කට ආසන්න සංඛ්‍යාවකට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now