තවත් ඇග හිරිවැටෙන බිහිසුණු බස් අනතුරක්..පිරිසක් වහාම රෝහලට..(PHOTOS)
අද (05) පස්වරු 03.00 ට පමණ පඹහින්න පුවග්ගහවෙල ඉන්දන පිරවුම් හල අසලදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ, ලංගම බස් රථයක් වංඟුවක් සහිත ස්ථානයකදී පැමිණි වේගයත් සමඟ බස් රථයේ ඉදිරිපස දුනු තල කැඩී යෑම හේතුවෙන් පාලනයෙන් ගිලිහීගොස් මාර්ගයේ පැමිණි ත්‍රීරෝද රථයක හා අසල ඇති වෙළෙඳ කුටියක ද ගැටීමෙන්ය.
අනතුරින් ත්‍රීරෝද රථයේ පැමිණි කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර ඉන් අයෙකුගේ තත්ත්වය ඉතා බරපතළ බවයි වාර්තා වෙන්නේ.
ඡායාරූප අයිතිය - Accident1st






