පුතානෝට කොළඹ තියා පක්ෂෙ බලයත් නැති වෙයි..බිලි දීලත් පැරදුනු නිසා සජබෙ අය යකා නටයි

Report

සමගි ජන බලවේගය (SJB) තුළ බරපතළ අභ්‍යන්තර ගැටුමක් හටගෙන ඇති බවට ප්‍රකාශ කරයි.

ඒ කොළඹ මහනගර සභාවේ බලය අහිමිවීමත් සමඟයි.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

පහසුවෙන් දිනාගැනීමට හැකියාව තිබුණු කොළඹ මහනගර සභාවේ බලය මඟ හැරීම පිළිබඳව පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් නායකත්වයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් ප්‍රකාශ කරයි.

එසේම පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට පක්ෂ මහලේකම්වරයාගේ විදේශගත වීමද හේතු වී ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම වැනි තීරණාත්මක අවස්ථාවකදී පක්ෂ මහලේකම්වරයා විදේශගත වීම බොහෝ ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

ඊට අමතරව කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සමගි ජන බලවේගයේ නායකත්වය ප්‍රමාණවත් කැපවීමක් නොකළ බවට ද පක්ෂ ක්‍රියාකාරීන් චෝදනා කරයි.

තවද ඔවුන් සැක කරන්නේ සමගර නායකයන්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවලින් ගැලවීමට එම පිරිස “නිද්‍රාශීලී” ප්‍රතිපත්තියක් අනුගමනය කළාද යන්නයි.

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක්

ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයේදී සන්ධානගතවීම ප්‍රතික්ෂේප කළ නායකත්වය, පළාත් පාලන ආයතන පිහිටුවීමේදී සන්ධානවලට යොමුවීම “විහිළුවක්” බවටයි.

ඒ ආකාරයට වැඩ කරමින් සභිකයන් “බිල්ලට දීම” කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් ඔවුන් අවධාරණය කරන බව සඳහන්.

කළු සල්ලි සුදු වෙන හැටි ගැන කවුරුත් නොකියන කතාවක්

කළු සල්ලි සුදු වෙන හැටි ගැන කවුරුත් නොකියන කතාවක්