මේ ප්‍රදේශයට නායයෑම් අවදානමක් - කඩවල් පවා වසා මිනිස්සු අයින් කරයි

Report

ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙඳෙළසැල් 7ක් නායයෑමේ අවදානමක් හේතුවෙන් අද (19) දින වසා දමා ඇත.ඒ වගෙම එහි සිටි පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ වෙළෙඳසැල් තුළ එක්වරම ඉරිතැලීම් ඇති වී ඇති අතර, මේ හේතුවෙන් වෙළෙඳසැල් වසා දැමීමට පියවර ගෙන ඇත. මෙම අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් වෙළෙඳසැල්හිමියන් සහ ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගැණුනි.

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිවේදනයක්

අයහපත් කාලගුණය හේතුවෙන් පුස්සැල්ලාව නගරයට ආසන්නයේ පිහිටි සෙන්කුවාරි වත්තේ උඩ කොටසේ පොළොව ඉරිතලා නායයෑමේ අවදානමකට ලක්වුණි.

පුස්සැල්ලාව නගරයට පහළින් පිහිටි පුස්සැල්ලාව පල්ලේගම වසමෙහි ද මෙවැනිම ආකාරයට පුපුරා ඉරි තලා තිබී ඇති අතර, එම ස්ථානයන් පිළිසකර කිරීමට ප්‍රදේශවාසීන්, ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් කටයුතු කර ඇත.

සෝමාවතිය - සුංගාවිල මාර්ගය නැවතත් වසා දැමෙයි

සෝමාවතිය - සුංගාවිල මාර්ගය නැවතත් වසා දැමෙයි