සෝමාවතිය - සුංගාවිල මාර්ගය නැවතත් වසා දැමෙයි
සෝමාවතිය පුද බිම වෙත ගමන් ගන්නා සුංගාවිල ප්රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය තවදුරටත් නවතා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත.
ඊයේ දහවල් සිට මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු අත්හිටුවා ඇති අතර, අදටත් මාර්ගය ජලයෙන් යටවී ඇති බව සහ දිග්ගල ප්රදේශයෙන් අඩි 03කට වැඩි ප්රමාණයක් ජලයෙන් ආවරණය වී ඇති බව පුලස්තිපුර පොලිසිය පැවසීය.
එබැවින් සෝමාවතිය පුද බිමට පැමිණෙන ජනතාවට විකල්ප මාර්ග භාවිතා කිරීමට පොලිසියෙන් දැනුම් දී ඇත.