පුෂ්පිකා හදිසියේම ලිපියකින් දිලිත් ට කිව්ව දේ

Pushpika de silva dilith jayaweera
By Sithumi Sep 16, 2021 02:39 PM GMT
Sithumi

Sithumi

Report

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවිර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසා සිටින්නේ සැප්තැම්බර් 14 වන දා පුවත් විකාශයේ දී තමන් එසේ බන්ධනාගාරය වෙත ගිය බවට හැඟෙන ලෙස වාර්තා කිරීමක් සිදුකර ඇති බවයි. 

 එහිදී තමාගේ ඡායාරූපයක්ද භාවිතා කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සමග වැලිකඩ බන්ධනාගාරයට ගිය විවාහක රූ රැජිණ යැයි එහිදී පැවසු බවත් ඇය මේ ලිපියෙන් පෙන්වා දෙනවා .

අදාළ සිද්ධියට තමා කිසිසේත් සම්බන්ධ නැති බවත් දෙරණ සියලුම පුවත් විකාශ හරහා තමා නිවැරදි කළ යුතු බවත් එසේ නොවන්නේ නම් එම නාලිකාවට එරෙහි නඩු මාර්ගයෙන් කටයුතු කිරීමට නීතිඥවරුන් දැනුවත් කරන බවත් ඇය අවධාරණය කර සිටිනවා.

එම ලිපිය පහතින් 

එමෙන්ම ඇය ෆේස්බුක් ගිණුමේ පහත පරිදි සඳහන් කර තිබුණා. 

උපුටාගැනීම 

අප මේ සමාජය තුළ සැබෑ මනුෂ්‍ය ගුණාංගයන් සහිතව ජීවත් විය යුතුය. වෙනත් මනුෂ්‍යයෙකුගේ වටිනාකම, ආත්ම ගෞරවය, අවංකභාවය, වැදගත්කම සහ සත්‍යවාදී බව ආදී උසස් ගුණාංගයන් වෙත ගරු කල යුතු ය. මේ සමාජය තුළ ජීවත් වීමේ දී අපගේ වගකීම වන්නේ අප භාරගන්නේ මොනවාද..?

අප විසින් ප්‍රතික්ෂේප කරන්නේ මොනවාද ? අප තවත් පුද්ගලයකු පිළිබඳව ප්‍රකාශ කරන්නේ මොනවා ද? ආදී දේ පිළිබඳව ඉතා බුද්ධිමත්ව තෝරා ගැනීමයි. එක්තරා රූපවාහිනී නාලිකාවක් විසින් මෑතක දී විකාශනය කළ ප්‍රවෘත්තියක විවාහක රූ රැජිනක් සම්බන්ධ කොටගෙන අසත්‍ය තොරතුරක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් එම නාලිකාවට සහ අනෙකුත් වගකිවයුතු පාර්ශවයන් වෙත මා විසින් යොමු කළ මෙම ලිපිය මම ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමි. 

මම සැමවිටම මාගේ හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ චරිතයක් ඝාතනය කිරීමට, අපහාස කිරීමට හෝ මානසික හිංසනයට ලක් කිරීම සැමදා ප්‍රතික්ෂේප කලෙමි. කාන්තාවක් වශයෙන් එයට එරෙහිව ශක්තිමත් ව සැමදා නැඟී සිටියෙමි. එවැන්නක් සිදු කිරීමට මින් ඉදිරියටත් මම කිසිඳු වාතාවරණයක් යටතේ ඉඩ නොතබමි. එය මාගේ ජීවත් වීමේ ප්‍රතිපත්ති අතර ඇති මූලධර්මයකි. - පුෂ්පිකා ද සිල්වා The value of another human being, the respect, integrity, dignity and truthfulness are qualities that we all embed in our lives. As responsibile individuals of society, it is up to us to choose and accept the right and wrong in us and the world.

With regards to the recent incidient of publishing wrong , uncalled for information by Derana Television Chanel, I share this letter I have adressed to the above mentioned chanel and the necessary parties. As a strong woman, under no circumstace would I allow abuse, insults or defamation of character of me or anyone. Respecting one anther is a principle I live by. Pushpika De Silva Mrs Sri Lanka world 2021🇱🇰


Gallery