දුම්රිය ගේට්ටුව වැසීම ප්‍රමාදයෙන් සිදු වූ බිහිසුණු අනතුර (CCTV VIDEO)

maharagama purvarama nugegoda padukka railway gate
By Sewvandhi Jul 07, 2021 12:07 PM GMT
Report

කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් ඊයේ (06) සවස කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී තිබේ. එම මෝටර් රථයේ තවත් කාන්තාවක් ගමන් කර ඇති අතර ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රිය ගේට්ටු වැසීම සඳහා නිසි අයුරින් සංඥා ලබානොදීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය පවසයි. අනතුරෙන් මෝටර් රථයට ද බරපතළ හානි සිදුවී තිබේ.

කොල්ලුපිටියේ රැකියා ස්ථානයේ සිට මහරගම නිවස කරා ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් එම අනතුරට මුහුණ දී තිබුණි. මෝටර්ථය ගැටී තිබුණේ කොළඹ සිට පාදුක්ක දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ය.

දුම්රිය ආසන්න වනවාත් සමගම මෝටර් රථයේ එන්ජිම නතර වී ඇති අතර මෝටර් රථයේ බඳ කොටසේ දුම්රිය ගැටී තිබෙන බවද පොලීසිය පැවසීය. ඒත් සමගම මෝටර් රථය අඩි 8ක් පමණ ඉදිරියට ඇඳීගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දුම්රිය ගේට්ටු ක්‍රියාකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කර ඇත්තේ දුම්රිය ගේට්ටුව වැසීම සඳහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් නිසි දැනුම්දීමක් නොලැබුණු හෙයින් අනතුර සිදුවූ බවය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now