විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ චක්‍රලේඛයට පාර්ශව රැසකගෙන් විරෝධය

Report

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ චක්‍රලේඛයට අනුව විශ්වවිද්‍යාල සිසුන්ගේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා ආචාර්යවරුන් මැදිහත් වීමට ආචාර්යවරුන්ගේද දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ.

එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ, චක්‍රලේඛයේ අරමුණ නවකවදය වැළැක්වීම වුවත් මේ හරහා එම අරමුණ කිසිසේත් සම්පූර්ණ නොවන බවයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉකුත් පෙබරවාරි 6 වැනිදා 2026/02 චක්‍රලේඛය නිකුත් කළේ විශ්වවිද්‍යාල සිසුන් සංවිධාන කරන විෂය බාහිර කටයුතු ඇතුළු සියලු ක්‍රියාකාරකම් ආචාර්යවරුන් සහ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව පවසමින්ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් අස්ගිරි මල්වතු මහ නාහිමිවරු බැහැදකී

ඒ, නවකවදය වැළැක්වීම අරමුණ කරගනිමින්ය. මේ අතර, 2026/02 චක්‍රලේඛයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් අද පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි. අනතුරුව ශිෂ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙකුට විශ්වවිද්‍යාල බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබී තිබේ.

මේ අතර, 2026/02 චක්‍රලේඛයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් අද පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.