ලංකාවේ ඉන්ධන ප්රශ්නය විසඳෙයි - ඉන්දියාවෙන් විජිතගේ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර
ඉකුත් මාර්තු 06 වන දින ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී මැදපෙරදිග යුදමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරතව ඇත.
එහිදී මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා එම ඉල්ලීම සිදු කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය ධනාත්මක ප්‍රතිචාරය ලබා දී ඇති බව වාර්තා වේ.
එසේම ඒ සඳහා ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් පවතින බවද වැඩිදුරටත් දන්වා ඇත.
මෙමඟින් ඉදිරි කාලසීමාව තුළ මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙන බව සඳහන්.