ගුවන් යානා ඉන්ධන මිලත් දෙගුණයකින් වැඩි වෙයි - ගුවන් ප්‍රවේශ පත්‍රවල මිලත් අහස උසට යයි

Report

වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කරන්නේ මැද පෙරදිග අර්බුදය නිසා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ගුවන් යානා ඉන්ධන මිලද ඉහළ ගොස් ඇති බවයි

. එසේම මේ වන විට ලෝකයේම ගුවන් යානා ඉන්ධන මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති නිසා එය ගුවන් ගමන් ප්‍රවේශපත්‍රවල මිලටද බලපාන බව සඳහන් කරයි.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ගැලුමක් ඇමෙරිකානු ඩොලර් 2.25ක් වූ ගුවන් යානා ඉන්ධන මිල මේ වන විට ගැලුමක් ඇමෙරිකානු ඩොලර් 4 ඉක්මවා ගොස් තිබෙන බවයි.

කෙසේ වුවද නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පෙර වෙන් කරගෙන තිබූ ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහා මිල වැඩි කිරීමක් සිදුනොකරන බව පවසා ඇත.

ලෝකෙම බලන් ඉද්දි ලංකාවේ තිබ්බ ඉරාන නාවිකයින් 45 දෙනෙකුගේ මළ සිරුරු අද ගුවනින් මව්රටට

ලෝකෙම බලන් ඉද්දි ලංකාවේ තිබ්බ ඉරාන නාවිකයින් 45 දෙනෙකුගේ මළ සිරුරු අද ගුවනින් මව්රටට

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත ලංකා තෙල් සංස්ථාවෙන් කෙටි කාලයකට යම් සහනයකට ගුවන් යානා ඉන්ධන ලැබුණු බවද ඔහු සඳහන් කර ඇත.

ඒ අනුව ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර අලුතින් වෙන්කර ගන්නවා නම් ඒ දිනයට අඳාළව පවතින මිල අනුව වෙන්කර ගැනීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

ඊට අමතරව මේ වන විට ගුවන් ගමන් සමහරක් අවලංගු වී ඇති අතර තවත් අලුතින් ගුවන් ගමන් සඳහා ඉල්ලුමක්ද පවතින බැවින් මේ තත්ත්වයන් සොයා බලා ගුවන් සමාගම් ඒ අනුව කටයුතු කරන බවත් ඔහු පවසයි.

අප්‍රේල් මාසය තෙක් ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසය තෙක් ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

තවද මැද පෙරදිග ප්‍රදේශයේ ඇතැම් ගුවන් කලාප තවමත් වසා දමා ඇති බැවින් ඒවා මඟ හැරීමෙන් වැඩි දුර ප්‍රමාණයක් ගෙවා ඇතැම් ගමනාන්ත වෙත ගුවන් යානවලට යාමට සිදු වී ඇති බැවින් ඒ වෙනුවෙන් ද වැඩි ඉන්ධන පිරිවැයක් දැරීමට සිදුවී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

එසේම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇතැම් ගමනාන්ත යාම සඳහා ගුවන් මඟින් විශාල පිරිසක් සිටියද නැවත එම ගුවන් යානා පැමිණෙන විට මගීන් විශාල වශයෙන් අඩු වන බැවින් මේ තත්ත්වයන් ගැන ද ගුවන් සමාගම් අවධානය යොමු කර තිබෙන බව‍යි.

මුළු රටටම හෙට වෙන්න යන දේ - අවවාදාත්මක නිවේදනයක්

මුළු රටටම හෙට වෙන්න යන දේ - අවවාදාත්මක නිවේදනයක්