සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා වලංගුයි
බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
අඳාළ නිවේදනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල සවස 2න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව දන්වා ඇත.
එබැවින් අදාළ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් වෙන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනය මඟින් දැනුම් දී තිබෙනවා.
එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද සඳහන්.
එමෙන්ම අද(13) මධ්‍යහන 12ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11 වන තුරු වලංගු වන බව සඳහන්.