ඊශ්‍රායලයේ නාසරෙත් නගරයට ඉරානෙන් දැවැන්ත ප්‍රහාරයක් - පුද්ගලයන් රැසකට තුවාල

Report

ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ඊශ්‍රායලයෙ හි Nazareth නගරය අසල පිහිටි Zarzir ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව අද (13) සිකුරාදා අලුයම කාලයේදී මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, අනතුරුව ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ සිදුව ඇති විනාශය පෙන්වන ඡායාරූප කිහිපයක්ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

Magen David Adom හදිසි සහන සේවාව සඳහන් කළේ, ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සහ විවිධ පීඩාවන්ට පත් වූ පුද්ගලයන් දස ගණනකට ප්‍රතිකාර ලබා දීමට සිදුව ඇති බවයි.

ගුවන් යානා ඉන්ධන මිලත් දෙගුණයකින් වැඩි වෙයි - ගුවන් ප්‍රවේශ පත්‍රවල මිලත් අහස උසට යයි

ගුවන් යානා ඉන්ධන මිලත් දෙගුණයකින් වැඩි වෙයි - ගුවන් ප්‍රවේශ පත්‍රවල මිලත් අහස උසට යයි

එමෙන්ම ප්‍රහාරයෙන් විනාශයට පත් වූ නිවසක් හදිසි සහන සේවා නිලධාරීන් විසින් පරීක්ෂා කරන ආකාරයද විදෙස් මාධ්‍යවල ප්‍රසිද්ධ කළ ඡායාරූපවල දැක්වේ. එමෙන්ම අද අලුයම පුරාම මෙම ප්‍රදේශය ආශ්‍රිතව තවත් ප්‍රහාර කිහිපයක්ද වාර්තා වී තිබූ බව සඳහන්.

ඉන්ධන අර්බුදයක් නැහැ - තෙල් නැවක් අදත් ආවා තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන අර්බුදයක් නැහැ - තෙල් නැවක් අදත් ආවා තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්