ආරවුලක් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු මරුට
අයගම, සමරුගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසයි. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 57 හැවිරිදි, අයගම, සමරුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මූලික විමර්ශනවල අනාවරණය වී ඇත්තේ, අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එම නිවසේ හිමියා විසින් පහරදී ඝාතනය සිදුකිරීම බවයි.
අයගම පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. ඝාතනය සිදුකළ 40 හැවිරිදි සැකකරු සමරුගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.