2026 වසරේ එක දිගට ලැබෙන රජයේ නිවාඩු ටික මෙන්න

Report

2026 වර්ෂය ආරම්භ වීමට තවත් දින 03ක් පමණ කාලය ඉතිරිව ඇත.

ඒ අනුව 2026 වසරට අදාළ දින දර්ශන මේ වනවිටම නිකුත් වී අවසන් වී තිබේ.

එම දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින්ත් ප්‍රකාශයට පත් කර තිබේ.

යන යන තැන කැපී පෙනෙන සැප සම්පත් ඉතිරෙන අද වාසනාවන්ත ලග්න මෙන්න

යන යන තැන කැපී පෙනෙන සැප සම්පත් ඉතිරෙන අද වාසනාවන්ත ලග්න මෙන්න

ඒ අනුව, 2026 වසර සඳහා රජය විසින් නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර ඇත. එහි වැඩිම නිවාඩු ගණනක් අප්‍රේල් සහ මැයි මාසවල යෙදී ඇති අතර, මෙම මාසවල නිවාඩු ගණන 4කි.

විශේෂයෙන්, සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය 2026 අප්‍රේල් 14 වන අඟහරුවාදාට යෙදී ඇත. වෙසක් පුන් පොහෝ දිනය මැයි 01 වනදා දිනට සහ නත්තල් දිනය දෙසැම්බර් 25 වන සිකුරාදාට යෙදී ඇති බව ද දක්වා ඇත.

එම නිවාඩු පහත පරිදි වේ.

අතිශය ජනප්‍රිය කලාතරුවක් දිවි ගමනට සමුදෙයි

අතිශය ජනප්‍රිය කලාතරුවක් දිවි ගමනට සමුදෙයි

ජනවාරි 03 සෙනසුරාදා - දුරුතු පුර පසළොස්වක පෝය දිනය

ජනවාරි 15 බ්‍රහස්පතින්දා - දෙමළ තෛපොංගල් දිනය

පෙබරවාරි 01 ඉරිදා - නවම් පුර පසළොස්වක පෝය දිනය

පෙබරවාරි 04 බදාදා - නිදහස් සමරු දිනය

පෙබරවාරි 15 ඉරිදා - මහ සිවරාත්‍රි දිනය

මාර්තු 02 සඳුදා - මැදින් පුර පසළොස්වක පෝය දිනය

මාර්තු 21 සෙනසුරාදා - ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)

අප්‍රේල් 01 බදාදා - බක් පුර පසළොස්වක පොහොය දිනය

අප්‍රේල් 03 සිකුරාදා - මහ සිකුරාදා දිනය

අප්‍රේල් 13 සඳුදා - සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය

අප්‍රේල් 14 අඟහරුවාදා - සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය

මැයි 01 සිකුරාදා - වෙසක් පුර පසළොස්වක පෝය දිනය

මැයි 01 සිකුරාදා - ලෝක කම්කරු දිනය

මැයි 02 සෙනසුරාදා - වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය

මැයි 28 බ්‍රහස්පතින්දා - ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)

මැයි 30 සෙනසුරාදා - අධි පොසොන් පුර පසළොස්වක පෝය දිනය

ජුනි 29 සඳුදා - පොසොන් පුර පසළොස්වක පෝය දිනය

ජූලි 29 බදාදා - ඇසළ පුර පසළොස්වක පෝය දිනය

අගෝස්තු 26 බදාදා - (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා - නිකිණි පුර පසළොස්වක පෝය දිනය

සැප්තැම්බර් 26 සෙනසුරාද - බිනර පුර පසළොස්වක පෝය දිනය

ඔක්තෝබර් 25 ඉරිදා - වප් පුර පසළොස්වක පෝය දිනය

නොවැම්බර් 08 ඉරිදා - දීපවාලි උත්සව දිනය

නොවැම්බර් 24 අඟහරුවාදා - ඉල් පුර පසළොස්වක පෝය දිනය

දෙසැම්බර් 23 බදාදා - උඳුවප් පුර පසළොස්වක පෝය දිනය

දෙසැම්බර් 25 සිකුරාදා - නත්තල් උත්සව දිනය