පවතින වර්ෂාමය තත්ත්වය සමඟ මේ ප්‍රදේශ සඳහා පැය 24ක් යනතුරු අනතුරු ඇගවීමක්

Report

ගිං ගඟ සහ අත්තනගලු ඔය ගංගා ද්‍රෝණිවල පහත්බිම් ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊයේ (11) රාත්‍රී 10.00 ට නිකුත් කළ නවතම ජල විද්‍යාත්මක අනතුරු ඇඟවීමේ වාර්තාවන්ට අනුව මෙම තීරණය ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දිවයිනේ මේ ප්‍රදේශවලට විශේෂ දැනුම්දීමක් - දහවල් 1න් පසු 100mm ඉක්මවූ වර්ෂාවක්

අද දිවයිනේ මේ ප්‍රදේශවලට විශේෂ දැනුම්දීමක් - දහවල් 1න් පසු 100mm ඉක්මවූ වර්ෂාවක්

මේ හේතුවෙන් අදාළ ගංගා ද්‍රෝණිවල පහත්බිම්වල පදිංචි මහජනතාව ඉදිරි කාලය තුළ දැඩි විමසිල්ලෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

එමෙන්ම එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල, විශේෂයෙන්ම අතුරු මාර්ගවල ධාවනය වන වාහනවල රියදුරන් පවතින තත්ත්වය සහ ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් රිය ධාවනය කරන ලෙසට ද උපදෙස් ලබා දී ඇත.

ඉන්ධන මිල ගණන් පහළ යනකම් මඟ බැලුවට තවත් උඩයන ඉන්ධන මිල - බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල ගණන් පහළ යනකම් මඟ බැලුවට තවත් උඩයන ඉන්ධන මිල - බලශක්ති අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්