බන්ධනාගාරයේ සැකකරුවෙක් පලායන්න වහලෙන් දුවද්දිම, බන්ධනාගාර නියාමකවරයෙකු අහසට වෙඩි තියලා
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඊයේ (12) දහවල් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නියාමකවරුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බද්දේගම මහේස්ත්රාත් අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කර සිටි අම්බලන්ගොඩ මාදම්පේ ප්රදේශයේ පදිංචි රැඳවියෙක් මෙලෙස පළා යාමට තැත් කර ඇති බව වාර්තා වේ.
මෙම සැකකරු බන්ධනාගාරයේ සැකකරුවන් ලියාපදිංචි කිරීමේ අංශයේ වහලය මතට නැඟ, අනතුරුව අමුත්තන් පෙන්වන ගොඩනැගිල්ලේ වහලය මත දිව යමින් පළා යාමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී, මුර අට්ටාලයේ රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නියාමකවරයෙකු විසින් අහසට වෙඩි තබා ඔහු බියගන්වා ඇත.
ඒ වෙඩි හඬත් සමඟ බියට පත් වූ රැඳවියා බන්ධනාගාර ප්රධාන දොරටුව අසල තිබූ වැලි ගොඩකට පැන තිබෙන බවයි .
එහිදී වහාම ක්රියාත්මක වූ බන්ධනාගාර නියාමකවරුන් ඔහුව යළි අත්අඩංගුවට ගෙන ඇති බව තවදුරටත් සදහන් වී ඇත .