පරෙවියන් නිසා සිරදඩුවමක් අත්හිටවයි

Report

කඩුවෙල සහ හේවාගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු, රුපියල් හතලිස් නව දහසක් වටිනා පරවියන් සොරකම් කිරීම සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනා දෙකට වරද පිළිගත් බවට තහවුරු විය.

මෙම චෝදිතයින්ට ඒ අනුව් මහර ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින් මාස 06ක සිර දඬුවමක් නියම කර, එය වසර 05කට අත්හිටුවා තිබේ.

එමෙන්ම, අධිකරණය විසින් චෝදිතයින්ට රුපියල් 1,500 බැගින් දඩ මුදලක් නියම කළ අතර, එම දඩ නොගෙවන්නේ නම් මාස 04ක ලිහිල් සිර දඩුවමක් අතිරේකව නියම කර ඇත.

'ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ' ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

'ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ' ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

මෙම සිද්ධිය සිදුවූයේ කිරිබත්ගොඩ භාතිය මාවත ප්‍රදේශයේ නිවසක පරවියන් සොරකම් කරගෙන යාමේදීය. සැකකරුවන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළහ.

පොලිස් මෙහෙයුම මෙහෙය සිදු කෙරූවේ කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් රත්නායක (90071), කුලසිංහ (10789), අලුත්ගේ (100478) යන නිලධාරීන් විසිනි.

අලුත් නීතියක් - අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්

අලුත් නීතියක් - අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්