පන්සලට ආපු සිගිත්තිය කෙළෙසු විදුහල්පති හිමිනමක් ගැන විමර්ශන ..

Sri Lanka Police Sri Lanka Child Abuse
By Piyumika Oct 02, 2024 07:43 AM GMT
Piyumika

Piyumika

Report

 කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු අටක පමණ බාලවයස්කාර පාසල් සිසුවියකට අවස්ථා කිහිපයකදී වරින් වර අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රජයේ විද්‍යාලයක විදුහල්පති හිමිනමක සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන අරඹා ඇතැයි කැබිතිගොල්ලෑව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

හිටපු ඇමැති පාඨලිගේ නඩුවට මොකක් වෙයිද ..

හිටපු ඇමැති පාඨලිගේ නඩුවට මොකක් වෙයිද ..

ජාතික ළමා ආරක්ෂක අධිකාරි ඒකකයට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව එම ඒකකය කැබිතිගොල්ලෑව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද දැනුම් දීමකට අනුව අදාළ මූලික විමර්ශන අරඹා තිබේ.

එකී විමර්ශන අනුව මේ වනවිට අදාළ දැරියගෙන් සහ දැරියගේ මවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පවසන කැබිතිගොල්ලෑව කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සැකකාර විදුහල්පති හිමි නම අද (02දා) අත්අඩංගුවට ගැනීමට නියමිත බවද කියයි.

බලන්නකෝ ඡන්දේ අස්සේ මෙහෙම දේවලුත් වෙලානේ..මැතිවරණ රාජකාරී වෙලාවේ වසත් පොවන්න හදලලු..

බලන්නකෝ ඡන්දේ අස්සේ මෙහෙම දේවලුත් වෙලානේ..මැතිවරණ රාජකාරී වෙලාවේ වසත් පොවන්න හදලලු..

මේ අතර සැකකාර විදුහල්පති හිමිනම විසින් අපයෝජනය කර ඇති බව කියන අට හැවිරිදි දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

සැකකාර හිමිනම වැඩවසන විහාරස්ථානය ඉදිරිපිට මෙම දැරියගේ නිවස පිහිටා ඇති බවත්, දැරිය විහාරස්ථානයට පැමිණි අවස්ථාවල මෙම අපරාධය සිදුකර ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.