හිටපු ඇමැති පාඨලිගේ නඩුවට මොකක් වෙයිද ..

Report

යහපාලන රජය සමයෙ රාජගිරිය  ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි මස 28 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

නීතිපති කාර්යාලයට යොමු කල පාස්කු ප්‍රහාරයේ කමිටු වාර්තාව අතුරුදන් වුයේ කෙසේද ..

නීතිපති කාර්යාලයට යොමු කල පාස්කු ප්‍රහාරයේ කමිටු වාර්තාව අතුරුදන් වුයේ කෙසේද ..

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවකට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මෙම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වන පාඨලී චම්පික රණවක අධිකරණයේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී විත්තාකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කළා.

මොකක්ද මේ එකම විකල්පයක් ගැන සජිත් කියන කතාව ..?

මොකක්ද මේ එකම විකල්පයක් ගැන සජිත් කියන කතාව ..?

ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාල නඩුව පෙබරවාරි මස 28 වන දා කැඳවන ලෙස නියෝග කලා.