බලන්නකෝ ඡන්දේ අස්සේ මෙහෙම දේවලුත් වෙලානේ..මැතිවරණ රාජකාරී වෙලාවේ වසත් පොවන්න හදලලු..

Report

කුරුණෑගල ගල්ගමුව දේවගිරිපුර වළගම්බා මහා විද්‍යාලයේ පසුගියදා මැතිවරණ රාජකාරීවල නිරතව සිටි නිලධාරිනියකගේ තේ කෝප්පයට ග්‍රාම නිලධාරි දෙදෙනකු විසින් වස දමා තිබු බවට කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (01වැනිදා) ලිඛිත පැමිණිල්ලක් කර ඇත.

6 වසර සිසුවෙකුගේ අමුතු ළමා දින සැමරුම..

6 වසර සිසුවෙකුගේ අමුතු ළමා දින සැමරුම..

එම සංගමයේ වැඩ බලන ප්‍රධාන ලේකම් ඒ.එච්.එම් සුදක්ෂි තිලකරත්න එම පැමිණිල්ල මගින් පෙන්වා දෙන්නේ අදාළ නිලධාරිනිය විසින් ග්‍රාම නිලධාරින් අපකීර්තියට පත් කිරීම සදහා හිතා මතා කරන ලද චෝදනාවක් බවය.

එම ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරී කරමින් සිටි අදාළ නිලධාරිනිය දහවල් තේ පානයෙන් අනතුරුව හදිසියේම රෝගාතුර වී රෝහල්ගත කිරීමට උත්සහ කළද සුළු වෙලාවකින් පසුව ඇය යථා තත්ත්වයට පත්ව ඇත.

නතාෂා නිසා මහේස්ත්‍රාත්වරයාට මැරෙන්න වෙලාලු..

නතාෂා නිසා මහේස්ත්‍රාත්වරයාට මැරෙන්න වෙලාලු..

එලෙස රෝගාතුර වීමට හේතුව එදින දහවල් ලබා දුන් තේ පානය කිරීම නිසා බව සඳහන් කරමින් ඇය පසුගිය 26 වැනිදා ගල්ගමුව පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ.

එම පැමිණිල්ල මගින් ඇය චෝදනා කර ඇත්තේ එම ඡන්ද මධ්‍යස්ථානයේ පහසුකම් සැපයීමේ කටයුතු භාරව සිටි ග්‍රාම නිලධාරීන් දෙදෙනා විසින් තේ කෝප්පයට වසා දමා ඇති බවටය.

හිටපු ඇමැති පාඨලිගේ නඩුවට මොකක් වෙයිද ..

හිටපු ඇමැති පාඨලිගේ නඩුවට මොකක් වෙයිද ..

එම නිසා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස එම සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.