කාන්තා නායකත්වයක් ඕනෙමයි කියන හරිනි[PHOTOS]

Prime minister Harini Amarasuriya Latest Headlines Women Sinhala news
By Kaushi Aug 02, 2025 08:45 AM GMT
Kaushi

Kaushi

Report

වර්තමාන සමාජයේ කාන්තා නායකත්වය ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා වන හැකියාව ශ්‍රි ලංකා බාලදක්ෂිකා සංගමය සතු වන බවත්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති ලෝකයේ විශාලතම කාන්තා ස්වේච්ඡා සංවිධානයේ සමාජිකයකයෙකු වන ශ්‍රී ලංකා බලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා බාල්දක්ෂිකා සංගමයේ ජනාධිපති බාල දක්ෂිකා සම්මාන ප්‍රදානෝත්සවය අමතමින්.

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

එම අවස්ථාවේදී බාලදක්ෂිකාවකට හිමිකර ගත හැකි ඉහළම සම්මානය වන ජනාධිපති බාලදක්ෂිකා සම්මානය 306 දෙනෙක් වෙතත් අගමැති බාලදක්ෂිකා සම්මානය 18 දෙනෙක් වෙතත් පිරිනමා ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍යතුමිය සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් සඳහන් කළේ,

"ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ජනාධිපති සම්මාන සහ අගමැති සම්මාන ප්‍රදානය කෙරෙන මෙම උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටට පත්වෙනවා.1917 මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය අද වන විට දිවයින පුරා ව්‍යාප්ත වී තිබෙනවා. ගැහැනු දරුවෙකුට අවුරුදු 08 සිට විවිධ අභියෝග වලට මුහුණ දෙමින්, රටට නායකත්වයක් ලබා දෙන්න පුළුවන් විදිහේ පරිපූර්ණ හොඳ ගුණාංග තියෙන දැරියන් බවට පත්වෙන්න මෙමගින් අවස්ථාව සැලසෙනවා. අපේ රටට අවශ්‍ය වෙන්නෙත් එවැනි ශක්තිමත් දරු පරපුරක්. ඒ වගේම මේ සම්මානලාභීන්ගේ කැපවීම පමණක් නෙවෙයි.

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ඔවුන් සමඟ පිටුපසින් සිටි දෙමව්පියන්, ගුරුවරුන්, මාර්ගෝපදේශිකාවන් නායක නායිකාවන්ගේ සහයෝගයත් බෙහෙවින් අගය කළ යුතුයි. මම ඔබට කතා කරන්නේ අග්‍රාමාත්‍යවරිය හැටියට පමණක්ම නෙමෙයි. කුඩා කාලයේ little friend කෙනෙක් විදිහට මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණු කෙනෙක් විදිහටයි. මට එහිදී ලැබුණු අත්දැකීම් මගේ ගමනට මඟ පෙන්වීමක් වෙලා තියෙනවා මෙම සංගමය විසින් ගැහැනු ළමුන්ට ඔරොත්තු දීමේ හැකියාව ලබාදෙනවා වගේම, ඉහළට යන සෑම ගෑහැනු දරුවකුටම තමන්ගේ රටේ අනාගතය ගොඩ නගන්නට දායකත්වයක් ලබා දිය හැකි විදියේ පරිසරයක් නිර්මාණය කරනවා. මෙවැනි ව්‍යාපාරවලින් අප බලාපොරොත්තු වෙන්නෙත් එයයි. අපේ රජය ක්‍රියාත්ක කරගෙන යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිනුත් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි දරුවන් බිහි කිරීමටයි."

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් - පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා - නන්දන

මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් - පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා - නන්දන

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha