"ඔයා තවත් වෙලාව ගන්නවාද.." - නවසීලන්තයේ පළමු පුරවැසියාට බාධා කළ සිඟිත්තිය (VIDEO / PHOTOS)

DAUGHTER PRIME MINISTER NEW SELAND
By Sewvandhi Nov 11, 2021 09:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නවසිලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩ්න් කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් සිදු කෙරුනු සජීවී සාකච්ඡාවකට ෆේස්බුක් ඔස්සේ එක් ව සිටියදී ඇයගේ තුන් හැවිරිදි දියණිය ඊට වරින් වර බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. සිඟිති දියණිය සිය අගමැති මවට පවසා සිටින්නේ ඇය නොමැතිව නින්දට යෑමට නොහැකි බවයි.

කෙසේ වෙතත් නවසීලන්ත අගමැතිනිය ඇයව සනසමින් ඇගේ මිත්ත්නිය සමග නින්දට යන ලෙස පවසමින් නැවතත් සජීවී සංවාදය සමඟ එක්වන්නේ වන්නේ කුඩා දරුවන් සම්බන්ධයෙන් ද අදහස් දක්වමින්. කෙසේ වෙතත් තවත් සුළු මොහොතකින් කාමරයේ කෙළවරෙන් නැවතත් සිඟිති කටහඬක් අවදි වන හඬ ඇසෙන්නේ අම්මේ ඔබ තවමත් අවසන් නැද්ද එය තවත් වෙලාව ගනියිද යනුවෙන් විමසමින්.

මෙහිදී අගමැතිනිය සිය සිඟිති දියණියට ප්‍රතිචාර දක්වන්නෙ ඔව් මට තව ටිකක් වෙලා යයි යනුවෙන්. කෙසේ වෙතත් මවකගේ වගකීම වහාම වටහා ගන්නා නවසීලන්ත අගමැතිනිය සජීවී සාකච්ඡාවෙන් ඉවත් වන්නේ දරුවන් නිදි කළ යුතු වෙලාවට නිදිකරවීම අත්‍යාවශ්‍ය දෙයක් බව පවසමින් නැවතත් බාධාවලින් තොර මෙවැනි සාකච්ඡාවකට සජීවීව එක්වන බවට දෙන පොරොන්දුවත් සමගින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha