අග්‍රාමාත්‍යවරිය එක්ක විශ්වවිද්‍යාල සංගම් විශේෂ සාකච්ඡාවක් කරලා.. වෙලා තියෙන දෙය මෙන්න..
අද (17) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කළ බව සඳහන් වේ.

"ඡන්දෙට වියදම් කළේ අටපිරිකර විකුණලා.." - නියෝජ්‍ය ලේකම්තුමියගේ ගෙදරත් යට වෙලා.. ඇඳිවත පමණයි.. සීලරතන හාමුදුරුවෝ එකවරම රටටම කීව දෙය මෙන්න..(VIDEO)
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව සදහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.