අගමැතිගෙන් විශේෂ නියෝගයක්..?

By Sewvandhi Sep 24, 2021 10:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

අද (24) ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව රැස්වූ අතර, අග්‍රාමාත්‍යවරයා එහිදී ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ‍්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය සිදුකර ඇත.

එමෙන්ම එලෙස නිදහස් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාව වෙත බෙදාහැරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

--------------------------------------------------------------------

හිමි නමක් ආණ්ඩුවට කළ ප්‍රබල චෝදනාව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha