මේ ගැසට් පත්‍රයෙත් සංශෝධනයක්.. අත්‍යවශ්‍ය ඖෂධ 60 ක උපරිම සිල්ලර මිල සංශෝධනය කිරීමට සැලසුමක්

Report

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම සලකා බැලීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ඖෂධ 60 ක උපරිම සිල්ලර මිල සංශෝධනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සැලසුම් කර ඇති බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා ඇත.

ඒ අනුව ඔහු කියා ඇත්තේ දේශීය වෙළඳපොලේ අමෙරිකානු ඩොලරයේ වටිනාකම ඉහළ යාම ඖෂධ ආනයනය කිරීමේ පිරිවැයට බලපෑම මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි.

එසේම මෙම සංශෝධනය හේතුවෙන් පාලිත මිලකරණ යාන්ත්‍රණය යටතේ ඇතුළත් සමහර ඖෂධවල මිල ඉහළ යා හැකි බවත් ඔහු පවසයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

එබැවින් අත්‍යවශ්‍ය ඖෂධ 60ක් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් 2023 දී නිකුත් කරන ලද ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට අපේක්ෂා කෙරෙන බව වාර්තා වේ.

මේ අතර, අනුමත උපරිම සිල්ලර මිලට වඩා ඖෂධ අලෙවි කරන ඔසුසල් ඉලක්ක කර ගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් අඛණ්ඩව පරීක්ෂණ සහ වැටලීම් සිදු කරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

12 ශ්‍රේණියේ සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ විභාගය පවත්වන දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

12 ශ්‍රේණියේ සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ විභාගය පවත්වන දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්