12 ශ්‍රේණියේ සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ විභාගය පවත්වන දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්
12 ශ්‍රේණියට අදාළ තොරතුරු තාක්ෂණ විභාගය ලබන ඔක්තෝබර් මස 24 වැනි දින පැවැත්වීමට නියමිතව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඒ අනුව ඇය මේ බව දන්වා ඇත්තේ අද (20) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එසේම 2026 සාමන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වැනි දින සිට 17 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (19) රාත්‍රියේ නිකුත් කිරීමත් සමඟ ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට අඳාළ ප්රවෘත්ති සාකච්ඡාව පැවැත් විය.