අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල ගණන් සහිත එම ලැයිස්තුව මෙන්න.
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඇත.
එම භාණ්ඩ දිවයින පුරා ඇති සියලුම ලංකා සතුස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (22) දින සිට ලබාගත හැකිය.
රටකජු කිලෝවක පැවති මිල රුපියල් 1095ක් වන අතර නව මිල වන්නේ රුපියල් 995කි.
දුඹුරු සීනි කිලෝවක පැවැති මිල රුපියල් 340 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 300කි
ආනයනික අර්තාපල්වල පැවැති මිල රුපියල් 210 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 180 කි
රතු කව්පි කිලෝවක පැවැති මිල රුපියල් 795 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 765 කි
හාල්මැස්සෝ කිලොවක පැවැති මිල රුපියල් 960 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 940 කි
වියළි මිරිස් කිලෝවක පැවැති මිල රුපියල් 845 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 830 කි
බාස්මති සහල්(ප්‍රිමියර්) කිලොවක පැවැති මිල රුපියල් 655 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 645කි
ආනයනික ලොකු ලූණු කිලෝවක පැවැති මිල රුපියල් 240 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 230කි
පරිප්පු කිලෝවක පැවැති මිල රුපියල් 290 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 288කි
සුදු සීනී කිලෝවක පැවැති මිල රුපියල් 242 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 240 කි
You may like this video