විදුලි රැහැන්වල මිල සංශෝධනයක්

copper electric wires price change
By Sewvandhi Jul 29, 2021 11:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෘහස්ථ විදුලි රැහැන්වල මිල 11%කින් අඩුකිරීමට නිෂ්පාදන සමාගම් එකඟවූ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙරට ට අවශ්‍ය ගෘහස්ථ විදුලි රැහැන් දේශීය සමාගම් විසින් නිෂ්පාදනය කරන අතර අපනයන වෙළෙඳපොළ සඳහා ද එම නිෂ්පාදන සැපයේ.

මෙම නිෂ්පාදන සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන කොපර් (තඹ) ආනයනය කරනු ලබන අතර මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 5,000 සිට 10,000 දක්වා වැඩිවීම නිසා පසුගිය දින වලදී ගෘහස්ථ විදුලි රැහැන් (වයර්)වල මිල ඉහළ ගියේය.

මිල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යංශය සහ එම නිෂ්පාදන සමාගම්වල නියෝජිතයින් අතර සාකච්ඡා වට තුනක් පැවැත්විණි. මින් ඉදිරියට විශේෂිත වූ තත්ත්වයක් හැරුණු විට මිල වැඩි නොකිරීමටත් දැනට තිබෙන උපරිම සිල්ලර මිලෙන් ඔවුන්ගේ නිෂ්පාදන වලින් 90%කම නිෂ්පාදන වර්ගවල මිල 11% කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5%කින් ද අඩු කිරීමට එම සමාගම් එකඟවී තිබේ.

ඒ අනුව එම මිල අඩුකිරීම අගෝස්තු 01 වනදා ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. මිල අඩුවන ආකාරය දැක්වෙන සටහන මෙසේය.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery