ජනාධිපතිවරණය ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්.
ඉදිරියේ දී ජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම තම පක්ෂය ද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ය.
මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස රටට වැඩ කළ සහ වැඩ කළ හැකි අපේක්ෂකයෙකු යොමුකරන බව ඔහු පැවසීය.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
එමෙන්ම, ගමේ ජනතාවට වඩාත්ම කිට්ටු පළාත් පාලන මන්ත්‍රීවරු වන බවත් ගමේ ජනතාවට තමන්ගේ සේවය ලබා දීමට කටයුතු සිදු කරන ලෙසත් පළාත් පාලන මන්ත්‍රීවරුන් හට උපදෙස් ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |