ජනපති යාපන සංචාරය අතරතුර සර්ව ආගමික ආශිර්වාද ලබා ගනී... (PHOTOS)
By Parami Dissanayake
ඊයේ (02) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සංචාරයක නිරත වෙමින් සර්ව ආගමික නායකයින්ගේ ආශීර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව යාපනය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ශ්‍රී නාග විහාරය වෙත ගොස් විහාරාධිපති මීගහජඳුරේ සිරිවිමල නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගෙන ඇත.
ඉන්පසු නල්ලෙයි ආදීන් ආශ්‍රාමාදිපති ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමා හමුවී ආශීර්වාද ලබා ගෙන තිබේ.
එමෙන් ම, යාපනය රදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා යාපනය රදගුරු ජස්ටින් ඥාණප්‍රගාසම් පියතුමා බැහැ දැක කෙටි පිළිසඳරක නිරතවී ආශීර්වාද ලබා ගෙන ඇති බවද වාර්තා වේ.