හමාස් නායකයාගේ නිවසේ බෝම්බ ඇටවු 24 දෙනෙකු අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 03, 2024 03:50 PM GMT
Report

ඝාතනයට ලක්වූ හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ නැවතී සිටි නෙෂාට් ආගන්තුක නිවසේ බෝම්බ ඇටවීමේ සිදුවීමට සැකපිට 24 දෙනකුට වැඩි පිරිසක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.

ශ්‍රී ලංකාවට ජගත් සම්මානයක්...

ශ්‍රී ලංකාවට ජගත් සම්මානයක්...

එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ටෙහෙරාන් නුවර ඔහු නවාතැන්ගත් නෙෂාට් ආගන්තුක නිවසේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, ඉහළ පෙළේ ඉරාන බුද්ධි නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සිටින බවද වාර්තා වේ.

හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ පසුගිය බදාදා අලුයම 2 ට පමණ නෙෂාට් ගොඩනැගිල්ලේ ඔහු නැවැති සිටි ආගන්තුක නිවසට පැමිණි අවස්ථාවේදී බෝම්බයක් පිපිරීමෙන් ඝාතනයට ලක් වුණා.