ජනපති ගත් අලුත් තීරණය..
By krishani
ඊයේ (27) මධ්‍යම රාත්‍රියෙන් 09 වන පාර්ලිමේන්තුවේ 03 වන සැසිවාරය අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත.
ඒ අනුව 09 වන පාර්ලිමේන්තුවේ 04වන සැසිවාරය එළඹෙන පෙබරවාරි 08 වන දින පෙ.ව 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වීමට නියමිතයි.
ඒ අනුව 75වන නිදහස් දින සැමරුමත් සමග රට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති, නව නීති හා පනත් සහ 2023-2048 කාලසීමාවේ නිදහස් සියවස් සැමරුම දක්වා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල පිළිබඳ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |