දෙසැම්බර් 31ට පෙර රු. 25,000ක් සහ රු. 50,000ක් බෙදාහැරීමට නියෝග

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි, ගංවතුරෙන් හානියට පත්වූ නිවාස පිරිසිදු කිරීම සඳහා රුපියල් 25,000ක දීමනාවක් සහ ගෘහ උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් 50,000ක දීමනාවක් මෙම දෙසැම්බර් 31 වැනිදාට පෙර ජනතාවට ලබාදෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ජනතාවගේ ජීවිත නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන, ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී අමාත්‍යාංශවල ලේකම්වරුන්, අදාළ ආයතන ප්‍රධානීන් සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහභාගී වූහ.

එම සාකච්ඡාවේදී නිවාස සහ වගා හානි සඳහා වන්දි ගෙවීම්, සුරක්ෂිත මධ්‍යස්ථානවල කටයුතු, ජනතාව නැවත පදිංචි කිරීම, ජීවනෝපායමාර්ග යළි ගොඩනැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළේ ප්‍රගතිය සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික්ක 2කට නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 2කට නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කෙරේ

22 වෙනිදා වෙනකල් විතරයි - දැනුවත්කිරීමක්

22 වෙනිදා වෙනකල් විතරයි - දැනුවත්කිරීමක්