කථානායක අශෝක රංවලගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි..

Report

කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මේ බව ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දන්වා යවා ඇතැයිද සඳහන් වේ.  

කථානායක අශෝක රංවල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි. ඒ තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව සමාජව තුළ මතු කරනු ලැබූ ගැටළුවක් හේතුවෙන් තමාට මේ මොහොතේ එම සුදුසුකම් සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් බව දන්වමිනි.

එහෙත් තමන් තමාගේ සුදුසුකම් සම්බන්ධව සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් ඔහු සිය ලිපිය මගින් දන්වා තිබුණි.

ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි..

ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි..

කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන පදවිවලින් කවර හෝ පදවියක් දරන්නෙකු ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැට හතර දෙක ව්‍යස්ථාවට අනුව සිය අත්සනින් යුතු ලිපියකින් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දිය යුතුයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගන්නේ නම් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දිය යුතුවනවා.

අභන්තර අර්බුදකාරී තත්ත්වය නිසා ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවයි..

අභන්තර අර්බුදකාරී තත්ත්වය නිසා ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවයි..

අශෝක රන්වල පසුගිය මස 21 වැනිදා කථානායක ධුරයේ දිවුරුම් දුන් අතර ඊයේ ඔහු ඉල්ලා අස්වීමට තීරණය කරන විට ධුරයේ කටයුතු කර තිබුණේ දින 22ක් පමණයි.

ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ කෙටිම කාලයක් කථානායක ධුරයේ කටයුතු කළේ අසෝක රන්වලයි. එසේම කෙටිම කාලයකින් ඉල්ලා අස්වූ කථානායකවරයා ලෙසද අශෝක රන්වල ඉතිහාස ගතවනු ඇති.

You may like this video