කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් 2250ක්

covid Helth
By Sithumi Jul 18, 2021 02:54 PM GMT
Report

ගර්භණි මව්වරුන් 2250 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් වැළඳීමෙන් ගර්භණි මව්වරුන් 13 දෙනකු මියගොස් ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර ගර්භනී සහ පසු ප්‍රසූත මව්වරුන් 170 දෙනකු කොවිඩ් වැළඳීමෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය අංශ වාර්තා වල දැක්වේ.

මේ අතර ගැබිනි මවුවරුන් සඳහා ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.

ගැබිනි මව්වරුන් සඳහා මෙතෙක් ලබා දෙන්නේ සයිනෝෆාම් එන්නත පමණකැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.