ලංකාවටම විදුලිය බිඳ වැටෙන්න හේතුව ගැන.. බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ නිවේදනයක් මෙන්න..
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අද (09) දිවයින පුරා සිදු වූ විදුලිය විසන්ධි වීම ගැනයි.
ඒ අනුව ඒ මහතා සදහන් කළේ ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බවයි.
එමෙන්ම, පසුගිය රජයන්ගේ සැලසුම් රහිතකම මෙන්ම අදූරදර්ශී වැඩපිළිවෙල විදුලිය බිඳවැටීමට හේතුවී ඇති බව ඒ මහතා පැවසීය.
තවද, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නොමැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදා කරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යන බව අමාත්‍යවරයා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ මෙම තත්ත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්වයක් උදා නොවීමට අවශ්‍යය පියවර ගන්නා බවයි.
You May Like This Video👇